සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

2025 පලාත් පාලන මැතිවරණයෙන් පසු මාතලේ ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරය

ජූනි 13, 20250
මාතලේ ප්‍රාදේශීය සභාවේ වත්මන් ගරු සභාපති ඒ.එම්.කේ.එස්.බී.ජයරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් හා ආණ්ඩුපක්ෂ හා විපක්ෂ මන්ත්‍රීතුමන්ලා,මන්ත්‍රීතුමියන්ලාගේත්,මාතලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්.ජී.ආර්.ඩී.කෞශල්‍යයා මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය  නිලධාරින්,මාධ්‍යවේදීන්,සභාබල ප්‍රදේශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද දින 2025 පලාත් පාලන මැතිවරණයෙන් පසු මංගල සභාවාරය පැවැත්වුණි.
එහිදී ,ගරු සභාපතිතුමා විසින් මහා සභාවට සපැමිණි මන්ත්‍රී මණ්ඩලය,රාජ්‍ය නිලධාරින්,මාධ්‍යවේදීන්,ජනතා නියෝජිතයන් පිළිගැනීමෙන් අනතුරුව සභාව නිල වශයෙන් ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡාවට ලක් කරන ලදි.
 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව ගරු සභාපතිතුමා වෙත හිමි බලතල,මහ සභාවේ ලේකම්ට පැවරෙන බලතල හා ඒවා ක්‍රියාවේ යෙදවීම සදහා යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කරන ලදි.තවද,ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සෞඛ්‍යය කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ප්‍රාදේශීය පනත අනුව  බලය පැවරීම,වියදම් අනුමත කිරීම හා සහතික කිරීම,යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කර ගන්නා ලදි.
එමෙන්ම,මුදල් හා ප්‍රතිපත්ති කමිටුව,කාර්මික සේවා කමිටුව,පරිසර හා සෞඛ්‍යය කමිටුව,නිවාස පුස්තකාල හා ප්‍රජාසංවර්ධන කමිටුව,ප්‍රසම්පාදන කමිටුව හා එයට අදාල අනු කමිටු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ගෙන් හා රාජ්‍ය නිලධාරින් එකතුවෙන් යෝජනා ස්ථිරත්වයෙන් පත්කර ගන්නා ලදි.
ඉන් අනතුරුව මංගල සභාවාරය වෙනුවෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කර අතර,ඉදිරි සභාවාරය සදහාද දින නියම කර ගනිමින් ගරුසභාපති තුමාගේ ස්තූති කතාවෙන් සභාවේ වැඩකටයුතු අවසන් විය..
අද දින මහතලා ප්‍රාදේශීය සභාවේ වැඩකටයුතු සම්බන්ධව නැවුම් ආරම්භයක් දුන්  වත්මන් ගරු සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයට
මහජනතාවගේ හිතසුව පිණිස මහගු සේවයක් ඉටු කිරීමට සුභාශිංෂන එක් කරන්නෙමු..
මාතලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රමුඛ කාර්යමණ්ඩලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.