සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

ඉසුරුබර හෙටක් ආශ්චර්යයමත් රටක් එක්ව ගොඩනගමු”ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා…. ගමින් ගමට ජංගම සේවය

ජූලි 30, 20250
  • මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ සංකල්පයක් අනුව,”ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා” යන තේමාව පෙරදැරිකර  ගනිමින්, 2025.07.19 වන දින  ඔබ වෙත ගෙන එන ප්‍රථම  “සභාපති ජංගම සේවය” මෙවර ජූලි මාසය වෙනුවෙන්  මඩවල උල්පත පාසල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය.
  • මෙම අවස්ථාව සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීමණඩලය හා ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණඩලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්,සේවක මහත්ම මහත්මීන් මෙහි සාර්ථකත්වය වෙනුවෙන් ඇපකැපව කටයුතු කරන ලදි.
  • මෙහිදී, මාතලේ ප්‍රාදේශීය සභාව සමග එකට අත්වැල බැද ගනිමින් මාතලේ සහකාර කොමසාරිස් කාර්යාලය ,මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර් යාලය,පලාපත්වල ආයුර්වේදමධ්‍යස්ථානය, පලාපත්වල මහජන පුස්තකාලය,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ,  මාතලේ පොලිසිය,මහවෙල පොලීසිය,මාතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,වැනි රාජ්‍ය ආයතන  හා මාතලේ සමරසිංහ ඔෆ්ටිකල් ආයතනය,දොඹවෙල ෆාම් හවුස් වැනි පෞද්ගලික ආයතන ද  එක්තැ
  • නකට ඒකරාශී වී මහජන පැනයන්ට පිළිතුරු සෙවීමට කටයුතු කළෙමු.
     “ඉසුරුබර හෙටක් ආශ්චර්යයමත් රටක් එක්ව ගොඩනැගීමට ඔබ සැමගේ ශ්‍රම දායකත්වය ලබා දීම වෙනුවන් බෙහෙවින්ම ස්තූතියි”

මාතලේ ප්‍රාදේශීය සභාව
පලාපත්වල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.