සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

ගිණුම් අංශය

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
මුදල් හා ප්‍රතිපත්ති කමිටුව පැවැත්වීම - කාලසටහන
Scrollable Table Example
මුදල් හා ප්‍රතිපත්ති කමිටුව පැවැත්වීම දිනය 24 21 21 25 23 20 25 22 19 24 21 19
දවස සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා සිකුරාදා
වේලාව ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00 ප.ව. 02.00
අයවැය කළමනාකරණය

පළාත් පාලන ආයතනයේ ජනවාරි 01 සිට 12.31 දක්වා වාර්ෂික අයවැය සකස් කිරිමේ රිතිය වනුයේ 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 168 වන වගන්තියයි.

අයවැය කාලසටහන
Scrollable Table Example
අංකය කාර්යය අවසාන ඉලක්ක දිනය වගකීම
01 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා උපදෙස් නිකුත් කිරීම අප්‍රේල් 01 දින නාගරික කොමසාරිස්/ලේකම්
02 කොට්ඨාස කමිටුවල සහ සභිකයන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම ජූනි 30 දින කොට්ඨාස කමිටු සහ සභිකවරුන්
03 ආදායම් හා වියදම් පිළිබඳව ඒ ඒ අංශ වල වාර්තා ඉදිරිපත් කිරීම ජූනි 30 දින අංශ ප්‍රධානීන්
04 මූලික ඇස්තමේන්තු සකස් කිරීම ජූලි 01 දින ගණකාධිකාරී/ පොත් තබන නිලධාරී/ අයවැය ලේඛණ නිලධාරී
05 මුදල් කමිටුවේ උපදෙස් ලබා ගැනීම ජූලි 31 දින නාගරික කොමසාරිස්/ ලේකම්
06 ගරු නගරාදිපති/ ගරු සභාපති සමාලෝචනය අගෝස්තු 01 දින ගරු නගරාධිපති/ ගරු සභාපති
07 අයවැය ප්‍රතිපත්ති තීරණය කිරීම හා සභාවට ඉදිරිපත් කිරීම අගෝස්තු 31 දින ගරු නගරාධිපති/ ගරු සභාපති
08 අංශවල අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සැප්තැම්බර් 30 දින අංශ ප්‍රධානීන්
09 අවසාන අයවැය ඇස්තමේන්තු සකස් කිරීම ඔක්තෝබර් 31 දින ගණකාධිකාරී/ පොත් තබන නිලධාරී/ අයවැය ලේඛණ නිලධාරී
10 මුදල් පිලිබඳ ස්ථාවර කමිටුව විසින් කෙටුම්පත් අයවැය ලේඛනය සලකා බැලීම නොවැම්බර් 01 දින නාගරික කොමසාරිස්/ ලේකම්
11 අයවැය පණිවිඩ සැකසීම නොවැම්බර් 20 දින ගරු නගරාධිපති/ ගරු සභාපති
12 කෙටුම්පත් අයවැය ලේඛනය සැකසීම නොවැම්බර් 30 දින ගරු නගරාධිපති/ ගරු සභාපති
13 අයවැය ලේඛන කෙටුම්පත අනුමත කිරීම දෙසැම්බර් 01 දින සභාව
14 අවශ්‍ය වන්නේ නම් කෙටුම්පත් අයවැය ලේඛණය දෙවන වර ඉදිරිපත් කිරීම දෙසැම්බර් 15 දින ගරු නගරාධිපති/ ගරු සභාපති
15 අයවැය ලේඛනය මුද්‍රණය කර බෙදා හැරීම දෙසැම්බර් 31 දින නාගරික කොමසාරිස්/ ලේකම්
අයවැය වර්ගය - වැඩසටහන් අයවැය‍

පළාත් පාලන ආයතනයක් විසින් අයවැය පිලියෙල කිරිමේදි ප්‍රධාන වශයෙන් පහත වැඩසටහන් අදාල කරගත යුතු වේ.

  1. පොදු පරිපාලනය
  2. සෞඛ්‍ය සේවා
  3. භෞතික සැලසුම් මහා මාර්ග,ඉඩම් හා ගොඩනැගිලි
  4. ජල සේවා
  5. වෙනත් උපයෝගි සේවා
  6. සුභසාධක සේවා

ඉහත එක් එක් වැඩසටහන් අනුව පහත සදහන් ප්‍රධාන වැය ශිර්ෂ යටතේ වියදම් වර්ග කර දක්වයි.

  1. වැටුප් හා දිමනා
  2. ගමන් වියදම්
  3. සැපයුම් හා උපකරණ
  4. ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව
  5. ප්‍රවාහන සම්බන්ධතා ආවශ්‍යක හා ‍වෙනත්
  6. ෙපාලි ගෙවිමි වල ලාභාංශ හා ප්‍රසාද මුදල්
  7. ආදාර මුදල් දායක මුදල් හා සහනාදාර
  8. විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිතෝෂික
  9. ප්‍රාග්ධන වැය
  10. ණය ආපසු ගෙවිමි
අවසන් ගිණුම සකස් කිරීම

පළාත් පාලන ආයතන ස්වාධීන ආයතනයන් ය. ආඥා පනත් වලින් හා පනත් වලින් පැවරී ඇති බලතල ප්‍රකාර සභා අරමුදල කෙසේ සංයුතිය වන්නේ ද යන්නත් එම අරමුදල යෙදවීම කළ යුත්තේ කුමන විෂයයන් යටතේ ද යන්නත් පිළිබඳ පැහැදිලි කිරීම එකී පනත්වලින් කර ඇත.

එමෙන්ම පලාත් පාලන ආයතන වලට ආවේණික වූ ගිණුම් ක්‍රමයක් මේ සඳහා හඳුන්වා දී ඇත. එමඟින් අපේක්ෂා කරනුයේ සභා අරමුදලට ලැබී ඇති මුදල් නිසි පරිදි ගිණුම් ගත කිරීම හා එම මුදල් නියම වී ඇති වියදම් සඳහා පමණක් වැය කර ඇති බවට තහවුරු කර ගැනීමට අදාල වන පරිදි ය.

පළාත් පාලන ආයතනවල පවත්නා ගිණුම් ක්‍රමයේ විශේෂිත වූ ලක්ෂණය වන්නේ ජනවාරි මස 01 දිනෙන් පටන්ගෙන දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂයක් සඳහා වූ කාලයට මුදල් පදනම මත ලැබීම් හා ගෙවීම් සටහන් කර ගැනිමත් වර්ෂය අවසානයේ දී (කාර්තුවක් අවසානයේ දී වූව ද කළ හැක.) ගණුම් පිළියෙළ කිරීමේ දී උපචිත පදනම මත එකී ලැබීම්, ආදායමක් ලෙසත් ගෙවීම වියදමක් ලෙසත් ගණනය කිරිමත් ය. වර්ෂය අවසානයේ දී තව දුරටත් එකී ගිණුම වර්ෂය වෙනුවෙන් යම් ආදායමක් අයවීමට ඇත්නම් එය හිඟ හිටි ආදායම් ණයගැතියන් වශයෙනුත් වර්ෂය අයසානයේ එකී වටිනාකම ණයහිමියන් යටතේ එම වියදම ඉදිරියට වැය කිරිම සඳහා ගෙනයාමත් තුලිනි. වර්ෂයට අදාල ආදායම සහ වියදම ගණනය කර අතිරික්තයක් හෝ ඌනතාවයක් වේ නම් එය සමුච්චිත අරමුදලට මාරු කිරීම තුළින් ගිණුම් පියවීමත් ය.

මෙම කටයුත්ත ඉටුකර ගැනීමට පළාත් පාලන අයාතන එනම් මහානගර සභා, නගර සභා, සුලු නගර සභා සහ ගම් සභා වල ඒකාකාරී ගිණුම් ක්‍රමයක් භාවිත නොවුනි. එක් එක් පළාත් පාලන ආයතන වලට යොදා ගත් රීති හා මූල්‍ය පාලන ක්‍රම ඇතුලත් ව තිබූ නමුත් මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පැහැදිලි රීති සංග්‍රහයක් නොතිබුණි.

මෙසේ පැවැති විවිධාකර ගිණුම් ක්‍රම වෙනුවට ඒකීය භාවයක් ඇති කිරීම සඳහා වන ගිණුම් ක්‍රමයක් 1974 ජනවාරි 25 දින අංක 96 දරණ ගැසට් නිවේදනය මඟින් වැඩසටහන් අයවැය ක්‍රමයට අනුරූප වන අයුරු ගිණුම් ක්‍රමයක් හඳුන්වා දුන් අතර එය “වික්‍රමනායක ගිණුම් ක්‍රමය” යනුවෙන් හඳුන්වා දෙන ලදි. තව ද එම ගිණුම් ක්‍රමය ද්විත්ව සටහන් ගිණුම් ක්‍රමය මත පදනම් වූ අතර, එයට ගැලපෙන ආකෘති හා ලේඛණ ද හඳුන්වා දුන් අතර එම ලේඛණ ස්වයංතුලන ගිනුම් ලේඛණ වශයෙන් ද නම්කර ඇත.

ස්වයං තුලන ගිණුම් ලේඛණ යනු බිල් කිරීම හා ලැබීම ඇතුලත් වන සිරස් සහ තිරස් අතට තුලනය වන ලේඛණයි.

මහනගර සභාවලට සහ නගරසභා වලට “වික්‍රමනායක ගිණුම් ක්‍රමය” හැඳින්වීමත් සමඟ අවසාන ගිණුම් ඊළඟ වර්ෂයේ මාර්තු 31 දින හෝ ඊට පෙර පිළියෙළ කර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු යයි සඳහන්ව ඇතත් එය රීතියක් වශයෙන් ක්‍රියාත්මක නොවේ. ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් 1989 අප්‍රේල් මස 17 අංක 554/5 මඟින් පළ වූ IV (ආ) වැනි කොටසේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වූ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ රීති අනුව 168(1) වන රීතිය අනුව අවසාන ගිණුම් ඊළඟ වර්ෂයේ මාර්තු 31 දින හෝ ඊට පෙර පිළිවෙල කොට විගණකාධිපති වෙත යොමු කළ යුතුයි. මුදල් ශේෂ තහවුරු කිරීමේ සාක්ෂි වශයෙන් බැංක සැසදුම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි. අවසන් ගිණුම් ප්‍රකාශනවල පිටපත් පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා වෙත යැවිය යුතුය.

විගණනයට ගිණුම් ඉදිරිපත් කිරීම
ප්‍රසම්පාදන කමිටුව ක්‍රියාත්මක කිරීම

ප්‍රසම්පාදනය

1988 ප්‍රාදේශීය සභා රීති 178 අනුව ටෙන්ඩර්මණ්ඩලය ලෙස මහසභාව සහ මුදල් කමිටුව ටෙන්ඩර් මන්ඩලය ලෙස කටයුතු කරනු ලැබේ

1988 ප්‍රාදේශීය සභා රීති 178 හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2006 හා ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2006 හි නියමයන් හා උපදෙස් අනුගමනය කරනු ලබයි.

පරිපූරක අයවැය

ප්‍රාදේශිය සභාවක් යම් කිසි වර්ෂයක් වෙනුවෙන් සකස් කරන අයවැය ලේඛණයක අපේක්ෂිත ප්‍රතිපාදන සිමාවක් ඉක්මවමින් හෝ ප්‍රතිපාදනයක් වෙන් නොකළ අයශිර්ෂයකි හෝ වැය ශිර්ෂයක් වෙනුවෙන් පරිපුරක අයවැය ඇස්තමේන්තුවක් පිළියෙල කළ යුතු වේ. එම පරිපුරක අයවැය ඇස්තමේන්තුව සකස් කිරිමෙන් පසු මහසභාව වෙත යෝජනාවක් ඉදිරිපත් සම්මත කර ගත යුතුය.ඉන්පසු එය වාර්සික අයවැයට ඇතුළත් කළ යුතු වේ.

බැංකු සැසදුම් සකස් කිරීම

ආයතනයේ මුදල් ගිණුමේ ශේෂය සංශෝධනය කිරිමෙන් පසු බැංකු සැසදුම් ප්‍රකාශනය පිළියෙල කරනු ලබයි.ඉන්පසු බැංකුවෙන් එවන ලද ප්‍රකාශනයේ ශේෂය,

එම කාලය තුළ බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම අඩු කළ යුතුයි.

බැංකුව විසින් ගණුදෙනු වාර්තා කිරිමේදි සිදු වි ඇති වැරදි සහ අඩුපාඩු සුදුසු පරිදි එකතු කිරිම හෝඅඩු කිරිම කළ යුතුයි.

තවද අත ඉතිරි මුදලක් වේ නම් එය බැංකු ප්‍රකාශනයේ ශේෂයට එකතු කළ යුතුයි.

මේ ආකාරයට ගැලපිම් කිරිමෙන් පසු සාදන බැංකු සැසදුම් ප්‍රකාශනය සෑම මසකම 10 වන දිනට පෙර විගණනය කිරිම සදහා විගණන අධිකාරි වෙත හා පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා වෙත යැවිය යුතුය.මිට අමතරව ආයතනය විසින් නිකුත් කළ චෙක්පත් මාස 06ක් යනතුරැත් බැංකුව වෙත ඉදිරිපත්  කර නොමැති නම් මුදල් රෙගුලාසි 394 අනුව සහ ආදායමට ගත යුතුයි.

ගැසට් කිරීම්
  1. සංශෝධනය විය යුතු ගාස්තු පිළිබඳ තොරතුරු, විෂයයන් සම්බන්ධ නිලධාරීන්ගෙන් ලබා ගැනීම (සැප්තැම්බර් මාස‍යේ මුල් සතිය)
  2. තොරතුරු ලැබුනු පසු ඒ පිළිබඳ යෝජනා මුදල් කමිටුවට ඉදිරිපත් කිරීම (සැප්තැම්බර් මාසයේ අවසන් සතිය)
  3. මුදල් කමිටු අනුමැතිය ලැබුනු පසු කළමනාකරණ කමිටුවට හෝ මහ සභාවට ඉදිරිපත් කර අදාළ ගාස්තු හා සංශෝධනයන් පිළිබඳව අනුමැතිය ලබා ගැනීම (ඔක්තෝබර් මාසය මුල් සතිය)
  4. අනුමත වූ යෝජනා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් පළ කිරීම සඳහා භාෂාවන්ට පරිවර්තනය කර ගැනීම (ඔක්තෝබර් මාසය)
  5. භාෂා ත්‍රිත්වයෙන් සකස් කර ගත් ගැසට් පත්‍රය,රජයේ ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීම  (නොවැම්බර් මාසය)

(මෙම වර්ෂයට අදාළ ගැසට් පත්‍රයේ PDF සපයනු ලැබේ.)

ගැසට් පත්‍රයේ අංකය  හා දිනය – 2363 – 2023/12/15

මිල කැඳවීම්

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

බදු හා ගාස්තු ලියාපදිංචි කිරීම්

  • වැට්
  • මුද්දර ගාස්තු
සේවක වැටුප් ගෙවීම

කාර්ය පරිපාටි සැකසුම

  • නියමිත පරිදි පරික්ෂා කරවා අනුමැතිය සහිතව ඇති වැටුප් වර්ධක හා හිග මුදල් විස්තර ලබා ගැනීම.
  • ආයතනයෙන් ලබා ගන්නා අවකරණ(සුබසාධක , උත්සව අත්තිකාරම් , විශේෂ අත්තිකාරම්, ආපදා ණය) අනුමැතියකට යටත්ව ගොනු ගත කිරීම.
  • වෙනත් ආයතන වලින් ලැබෙන අවකරණ හා බැංකු ණය වාරිකයන්, දේපළ ණය අනුමැතියකට යටත්ව ගොනුගත කිරීම.
  • ප්‍රසූත නිවාඩු, වැටුප් රහිත නිවාඩු ගණනය කර පරීක්ෂා කර අනුමත කරවා ගැනීම.
  • සියලුම එකතු කිරිම් හා අඩු කිරිම් නිවැරදිව වැටුප් ලේඛණයට ඇතුළත් කිරිම.
  • වැටුප් සැකසිමට අදාළ මෘදුකාංගයට පිවිසිම.
  • පරිගණකයේ දිනය පෙර මාසයට අනුව සැකසීම.
  • GPS ක්‍රියාවලියේ පසුගිය මසට අදාළව අවසන් ක්‍රියාවලිය සිදු කිරීම( month end process)
  • පරිගණකයේ දිනය නැවත සැකසීම.
  • වැටුප් සාරාංශයේ නිවැරදි බව තහවුරු කර ගැනීමෙන් පසුව අදාළ දත්ත ඇතුළත් කිරීම.
  • වැටුප් ලේඛණය හා වැටුප් පත්‍රිකා ( GPS pay slip) පරික්ෂා කිරීම හා වැරදි වේ නම්  නිවැරදි කර ගැනිම.
  • දත්ත මුද්‍රණය කරවා ගැනීම.
  • වැටුප් ලේඛණය හා වැටුප් පත්‍රිකා ( GPS pay sheet) මාණ්ඩලික නිළධාරියෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම.
  • වැටුප් ගෙවිමට අදාළ වවුචර පත සකසා පරික්ෂා කර අනුමැතිය ලබා ගැනිම.
  • ගිණුම් සාරංශයට අනුව මුදල් පොතේ දත්ත ඇතුළත් කරමින් චෙක් පත් ලිවීම.
  • නියමිත පරිදි ගිණුම් සාරංශය සමග චෙක් පත් අත්සනට යොමු කිරීම.
  • අවකරණ නිවැරදිව සකසමින් චෙක්පත් බැංකු ගත කිරිමට අවකරණ ලැයිස්තුව සමග භාරදීම.
  • අනෙකුත් අවකරණ චෙක්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ ආයතනයන් වෙත යොමු කිරීම.
  • වැටුප් පත්‍රිකා අත්සන් කරවා ගැනීම හා වැටුප් පත්‍රිකා බෙදා දීම.

 වැටුප් සැකසීම සඳහා ආශ්‍රය කරගන්නා චක්‍රලේඛ

  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2010
  • රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ 225/2012
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ඛ 03/2022
  • පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ ඛ 03/2022(1)
  • රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ 234/2013
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2024
ගිණුම් අංශයේ අයවැය කළමනාකරණය
  • පළාත් පාලන ආයතනයේ ජනවාරි 01 සිට 12.31 දක්වා වාර්ෂික අයවැය සකස් කිරිමේ රිතිය වනුයේ 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 168 වන වගන්තියයි.
  • අයවැය කාලසටහන

  • අයවැය වර්ගය – වැඩසටහන් අයවැය‍
  • පළාත් පාලන ආයතනයක් විසින් අයවැය පිලියෙල කිරිමේදි ප්‍රධාන වශයෙන් පහත වැඩසටහන් අදාල කරගත යුතු වේ.
    1. පොදු පරිපාලනය
    2. සෞඛ්‍ය සේවා
    3. භෞතික සැලසුම් මහා මාර්ග,ඉඩම් හා ගොඩනැගිලි
    4. ජල සේවා
    5. වෙනත් උපයෝගි සේවා
    6. සුභසාධක සේවා

    ඉහත එක් එක් වැඩසටහන් අනුව පහත සදහන් ප්‍රධාන වැය ශිර්ෂ යටතේ වියදම් වර්ග කර දක්වයි.

    1. වැටුප් හා දිමනා
    2. ගමන් වියදම්
    3. සැපයුම් හා උපකරණ
    4. ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව
    5. ප්‍රවාහන සම්බන්ධතා ආවශ්‍යක හා ‍වෙනත්
    6. ෙපාලි ගෙවිමි වල ලාභාංශ හා ප්‍රසාද මුදල්
    7. ආදාර මුදල් දායක මුදල් හා සහනාදාර
    8. විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිතෝෂික
    9. ප්‍රාග්ධන වැය
    10. ණය ආපසු ගෙවිමි
ගිණුම් අංශයේ අවසන් ගිණුම් සැකසීම
ගිණුම් අංශයේ බැංකු සැසදුම් තොරතුරු
බැංකු සැසදුම්

    ආයතනයේ මුදල් ගිණුමේ ශේෂය සංශෝධනය කිරිමෙන් පසු බැංකු සැසදුම් ප්‍රකාශනය පිළියෙල කරනු ලබයි.ඉන්පසු බැංකුවෙන් එවන ලද ප්‍රකාශනයේ ශේෂයට,

  • එම කාලය තුළ බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම අඩු කළ යුතුයි.
  • බැංකුව විසින් ගණුදෙනු වාර්තා කිරිමේදි සිදු වි ඇති වැරදි සහ අඩුපාඩු සුදුසු පරිදි එකතු කිරිම හෝඅඩු කිරිම කළ යුතුයි.
  • තවද අත ඉතිරි මුදලක් වේ නම් එය බැංකු ප්‍රකාශනයේ ශේෂයට එකතු කළ යුතුයි.

මේ ආකාරයට ගැලපිම් කිරිමෙන් පසු සාදන බැංකු සැසදුම් ප්‍රකාශනය සෑම මසකම 10 වන දිනට පෙර විගණනය කිරිම සදහා විගණන අධිකාරි වෙත හා පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා වෙත යැවිය යුතුය.මිට අමතරව ආයතනය විසින් නිකුත් කළ චෙක්පත් මාස 06ක් යනතුරැත් බැංකුව වෙත ඉදිරිපත්  කර නොමැති නම් මුදල් රෙගුලාසි 394 අනුව සහ ආදායමට ගත යුතුයි.

පරිපුරක අයවැය

ප්‍රාදේශිය සභාවක් යම් කිසි වර්ෂයක් වෙනුවෙන් සකස් කරන අයවැය ලේඛණයක අපේක්ෂිත ප්‍රතිපාදන සිමාවක් ඉක්මවමින් හෝ ප්‍රතිපාදනයක් වෙන් නොකළ අයශිර්ෂයකි හෝ වැය ශිර්ෂයක් වෙනුවෙන් පරිපුරක අයවැය ඇස්තමේන්තුවක් පිළියෙල කළ යුතු වේ.ඤඑම පරිපුරක අයවැය ඇස්තමේන්තුව සකස් කිරිමෙන් පසු මහසභාව වෙත යෝජනාවක් ඉදිරිපත් සම්මත කර ගත යුතුය.ඉන්පසු එය වාර්සික අයවැයට ඇතුළත් කළ යුතු වේ.

ගිණුම් අංශය