සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

අපගේ සේවාවන්

Interactively procrastinate high-payoff content without backward-compatible data. Quickly cultivate optimal processes and tactical architectures. Completely iterate covalent strategic theme areas via accurate e-markets.

අපගේ සේවාවන්

Capitalize on low hanging fruit to identify a ballpark value added activity to beta test. Override the digital divide with additional clickthroughs.
පුස්තකාල සේවාව
IMG_1489
IMG_1480 - Copy

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දෙවැනි ශ්‍රේණියේ පුස්තකාල ලෙස මාතලේ ප්‍රාදේශීය සභාවේ පලාපත්වල හා මඩවල උල්පත මහජන පුස්තකාල ශ්‍රේණි ගත කර ඇත.

දැනුම, කුසලතා ආකල්ප වර්ධනය කරමින් යහපත් සමාජයක් උදෙසා පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන පුස්තකාල මඟින් පහත සේවාවන් බල ප්‍රදේශයේ ජනතාවට සපයනු ලබයි.

  • පාඨකයන්ට අවශ්‍ය ග්‍රන්ථ, පුවත්පත් හා සඟරා ආදිය පරිශීලනය සඳහා සැපයීම
  • ශ්‍රව්‍ය දෘෂ්‍ය සේවා සැපයීම
  • විමර්ශන සේවා සැපයීම
  • ඡායා පිටපත් හා අන්තර්ජාල සේවය සැපයීම
  • ජංගම සේවා පැවැත්වීම
  • අධ්‍යයන සේවා සැපයිම
  • පුවත් පත් කැපුම් සේවා සැපයීම
  • දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය සඳහා තරඟ පැවැත්වීම
  • සම්මන්ත්‍රණ පැවැත්වීම
  • පෙර පාසල් සඳහා පුස්තකාල පරිශීලනයට යොමු කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • ප්‍රජා තොරතුරු සේවා පවත්වාගෙන යාම
ආදාහනාගාර සේවාව
වල්ලිවෙල ආදාහනාගාරය
DCF compatable JPEG Img
DSCN9137
IMG_1530
IMG_1540

පොදු සේවාවක් වශයෙන් මෘතදේහ ආදාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ කාර්යය පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. ඒ අනුව 2013 වර්ෂයේ දෙසැම්බර් මස 17 වන දින මාතලේ ප්‍රාදේශීය සභාවට අයත් වල්ලිවෙල ආදාහනාගාරය ආරම්භ කරන ලද අතර මේ වනවිට සභාව මඟින් ජනතාව වෙත සිදුකරනු ලබන ප්‍රධානතම සේවාවක් වශයෙන් ආදාහනාගාර සේවාව පවත්වාගෙන යනු ලබයි. එමෙන් ම ආදාහනය කරන ලද මෘත දේහවල භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සහනදායී මිලකට කුටි ලබා දීමට ද මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් කටයුතු කරනු ලබයි

මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි

ඔබ අපගේ වෙබ් අඩවියේ Download වෙත ගොස් මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය ලබා ගන්න.

ඒ සමඟ පහත ලේඛන ඉදිරිපත් කිරීමට කාරුණිකව වන්න.

  • ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන අයදුම්පත්‍රයක් ලබා ගෙන නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
  • මරණ සහතිකයේ මුල් පිටපත සහ එහි ඡායා පිටපතක් (මරණ සහතිකයේ වල්ලිවෙල ආදාහනාගාරයේ ආදාහනය යනුවෙන් නිවැරදිව සටහන් කර තිබිය යුතුයි.)
  • මියගිය අයගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කරන අයගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හා අලෙවිය
IMG_3892
DSC02414
DSC05686
DSC05691
DSC05712
IMG_1550

දෛනිකව හා නිශ්චිත කාලසටහන අනුව තොටගමුව, පලාපත්වල හා මඩවල යන වරිපනම් ප්‍රදේශ තුල දිරාපත් වන මෙන්ම වෙන්කල නොදිරන කසළ කළමනාකරණය මෙම අංශයේ සිදුවන අතර, දිරන කසළ සියල්ල ගොඩ ක්‍රමය යටතේ අංගනය තුලදි කසළ අට්ටි වල රැස්කර පෙරලීමෙන් මාස ½ ක් 2 ක් අතර දි කොම්පෝස්ට් පොහොරක් බවට පත්කර අලෙවිය සඳහා සුදානම් කෙරේ.

නොදිරන කසළ පොලිතීන්, ප්ලාස්ටික්, ටින්, පෙට් බෝතල් රැස්කර අලෙවියට කටයුතු කිරිම හා නැවත ප්‍රයෝජනයට ගත නොහැකි කසළ දාහක උඳුන මගින් දහනය කිරිම සිදු වේ.

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවාවන්

ඩෙන්සිල් කොබ්බෑකඩුව නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

DSC03396
DSC08413
WhatsApp Image 2023-02-22 at 9.26.14 AM
WhatsApp Image 2023-02-22 at 9.26.16 AM

සියලු සර්වාංගත ගත රෝග පරීක්ෂාව, ඖෂධ නියම කිරීම සහ වෛද්‍ය උපදෙස් ලබා දීම

අවශ්‍ය අවස්ථාවලදී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අයුර්වේද/ බටහිර රෝහල් වෙත යොමු කිරීම

විශේෂ ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම

උදා –    කැඩුම් බිදුම් සායන

පංච කර්ම ප්‍රතිකාර (නස්‍ය වස්ති කර්ම)

ස්ත්‍රී රෝග සායන

ජංගම වෛද්‍ය සායන පැවැත්වීම

ප්‍රජාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය වෛද්‍ය වැඩසටහන් පැවැත්වීම

ඔසු උයන් පිහිටුවීම, ඔසු පැල ව්‍යාප්තිය, ඔසු උයන් නඩත්තුව අධීක්ෂණය සහ ඔසු පැල පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම.

 

ළමා හා වැඩිහිටි සායන මධ්‍යස්ථාන

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සායන මධ්‍යස්ථාන 15 ක සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. මෙම සායන මධ්‍යස්ථාන වලින් මාතලේ පලාපත්වල පිහිටි පුරනැඟුම ගොඩනැලිල්ල තුල ප්‍රධාන සායන මධ්‍යස්ථානය සියළු පහසුකම් සහිතව ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශයට ඇති අනෙකුත් මධ්‍යස්ථාන වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිම, ප්‍රවාහන පහසුකම් සැපයිම මෙන්ම වැසිකිලි හා වෙනත් අවශ්‍යතා පිළිබඳව කටයුතු කරනු ලබයි.

පානීය ජලය සැපයීම
DSC05927

මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක වන ජල යෝජනා ක්‍රම 15 ක් වන අතර ඒවා නම් වශයෙන් අංකන්ද, කවුඩුපැලැල්ල, මඩවල උල්පත, මඩවල උල්පත 02, හතමුණගාල, කැටවල, කැටවල නව රජ්ජම්මන, මොරගහමඩ, ගෝණමඩ, කන්දයාය, දිය දහරා, නිල්දිය උයන, රන්දිය උයන, සමන්දාව, දුන්කලවත්ත ජල යෝජනා ක්‍රමය වශයෙන් හඳුනා ගනී.

කවුඩුපැලැල්ල අංකන්ද ජල යෝජනා ක්‍රම මඟින් ආවරණය වන ප්‍රදේශ

කවුඩුපැලැල්ල, අංකන්දවත්ත, අංකන්දගම, කුරුඳුගස්පිටිය, පල්ලේවරදමුන, වල්ලිවෙල, හයිලෙවල් ගාර්ඩ්න්, මුස්ලිම් ගම, හපුගහලන්ද වත්ත

මඩවල, මඩවල 02, හතමුණගාල, කැටවල, කැටවල නව රජ්ජම්මන, ගෝනමඩ, කන්දයාය, දියදහරා ජල යෝජනා ක්‍රම මඟින් ආයරණය වන ප්‍රදේශ

මඩවල, ආටිමලය, නාරංගමුව, කැටවල, තලගස්යාය, වදගොල්ල, ගෝණමඩ, හතමුනගාල, රජ්ජම්මන, කන්දයාය, දිය දහරා, මොරගහමඩ

සමන්දාව, දුන්කලවත්ත, නිල්දිය උයන හා රන්දිය උයන ජල යෝජනා ක්‍රම 2012 වර්ෂයටත් පෙර සිට ආරම්භ වී ඇත.

නව ජල සම්බන්ධතාවයක් ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

ඔබ අපගේ වෙබ් අඩවියේ Download වෙත ගොස් ජල සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය ලබා ගන්න.

ඒ සමඟ පහත ලේඛන ඉදිරිපත් කිරීමට කාරුණිකව වන්න.

  1. ජලය ලබා ගැනීම සඳහා වු අයදුම්පත
  2. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් 01
  3. ඔප්පුවේ ඡායා පිටපත් 01
  4. පිඹුරුපතේ ඡායා පිටපත් 01
  5. ග්‍රාම නිලධාරී මහතා/මහත්මිය විසින් නිකුත් කරන ලද පදිංචි සහතිකය
  6. ජල සම්බන්ධතාවයේ අයදුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවකදී ජල සම්බන්ධතාවය ලබා දීමට එකඟතාවය පලකර ඉඩමේ හිමිකරු විසින් ලබාදුන් ලිපියක් (ලිපිය සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් සහතික කර තිබිය යුතුයි.)
  7. ජල සම්බන්ධතාවය අයදුම්කරු සමෘද්ධිලාභියෙකු නම් සමෘද්ධි නිලධාරී මහතාගෙන් ලබාගත් ලිපියක් සහ සමෘද්ධි කාඩ්පතේ ඡායා පිටපතක්

අයදුම්පත් ගාස්තුව                                                        –     රු.200.00

ජල සම්බන්ධතාවය සඳහා ඇස්තමේන්තු මුදල              – රු.20,000.00

සමෘද්ධිලාභී ප්‍රතිලාභීන් සඳහා ඇස්තමේන්තු මුදල         – රු.17,000.00

වීථි පහන් හා විදුලි නඩත්තු ඒකකය
DSC08169
26
IMG_2253

වීථි පහන් හා විදුලි නඩත්තු ඒකකය

මහජන උපයෝගිතා සේවා ලබා දීම යටතේ ක්‍රියාත්මක වන වීථි පහන් නඩත්තු සේවාව පහත පරිදි ලබා ගැනීමේ හැකියාව පවතී.

වීථී පහන් නඩත්තුව සඳහා පැමිණිලි ලබා ගැනීම.

  1. මහජන ඉල්ලීම් ලිපි විදුලි කණුවේ අංකය හා දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.
  2. දුරකථනයෙන්/ වෙබ් අඩවිය මඟින්

සම්බන්ධ කර ගතයුතු නිලධාරී

  1. තාක්ෂණ නිළධාරී.
  2. විදුලි කාර්මික

ක්‍රියාත්මක කිරීම

  1. කාර්යාල නිළධාරී මගින් විදුලි කාර්මික මයා වෙත ලිපි ලබා දීම සිදු  කරයි.
  2. විවිධ අදාල ස්ථානය පරීක්ෂා කර නඩත්තු කටයුත්තත සිදු කරයි
  3. නඩත්තු කටයුතු සිදු කර අවසන් වූ ලිපි නැවත කාර්යාල නිළධාරී වෙත භාර දෙනු ලැබේ.

එම ලිපි වීථි පහන් නඩත්තු ලිපිගොනු ලේඛණයක් ලෙස නඩත්තු කිරීම.

උපකාරක සේවා ඒකකය
DSC02205
උපකාරක සේවා ඒකකය මාතලේ ප්‍රාදේශිය සභාව

මාතලේ ප්‍රාදේශීය සභා කාර්යාලයේ ස්ථාපනය කර ඇති උපකාරක සේවා ඒකක මඟින් සහනදායී මිල ගණන් යටතේ සේවාලාභීන් වෙත පහත සේවාවන් සපයනු ලබයි.

  • ඡායා පිටපත්
  • ෆැක්ස්
  • මුද්‍රණ පිටපත්
  • ස්කෑන්
  • ඊ මේල්
  • දුරකථන ඇමතුම්
  • ලිපි ද්‍රව්‍ය
තොරතුරු තාක්ෂණ සේවා ඒකකය - නැණ පියස පරිගණක සම්පත් මධ්‍යස්ථානය
DSC03497
W
DSC03499

මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් පරිගණක පුහුණු උපදේශකවරියක් යටතේ සහනදායී පදනම මත පරිගණක පාඨමාලා හැදැරීමට අවශ්‍යතාවය ඇති බල ප්‍රදේශයේ දරුවන් සඳහා අවස්ථාව ලබා දී ඇත. පාඨමාලා සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අයදුම්පත්‍රය මෙම වෙබ් අඩවිය මඟින් බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇත.

ප්‍රාදේශිය සභාවේ නැණ පියස පරිගණක ඒකකය – පලාපත්වල.

දුරකථන අංකය : 066 205 0207

ඊමේල් : matalesabha@gmail.com

ෆේස් බුක් : මාතලේ ප්‍රාදේශිය සභාවේ නිල ෆේස් බුක් ගිණුම

වාර්ෂිකව කරන පාඨමාලා ගණන : කණ්ඩායම් දෙකකට

නැණ පියස පරිගණක පාඨමාලා තොරතුරු

PC MS OFFICE APPLICATION

  1. Introduction Computer
  2. Microsoft word
  3. Microsoft Excel
  4. Microsoft Access
  5. Microsoft PowerPoint
  6. Internet and E-mail
  1. පාඨමාලාව අවසානයේ මාතලේ ප්‍රාදේශිය සභාව මඟින් රජයේ පිළිගත් සහතිකයක් හිමිවේ.
  2. ඔන්ලයින් අයදුම් කිරිමට අවස්ථාව ලබා ගන්නා ආකාරය

මාතලේ ප්‍රාදේශිය සභාවේ නිළ වෙබ් අඩවියේ පවතින අයදුම් පත පුරවා මාතලේ ප්‍රාදේශීය සභාව වෙත යොමු කරන්න.

මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් පරිගණක පුහුණු උපදේශකවරියක් යටතේ සහනදායී පදනම මත පරිගණක පාඨමාලා හැදැරීමට අවශ්‍යතාවය ඇති බල ප්‍රදේශයේ දරුවන් සඳහා අවස්ථාව ලබා දී ඇත. පාඨමාලා සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අයදුම්පත්‍රය මෙම වෙබ් අඩවිය මඟින් බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇත.

ප්‍රාදේශිය සභාවේ නැණ පියස පරිගණක ඒකකය – පලාපත්වල.

දුරකථන අංකය : 066 205 0207

ඊමේල් : matalesabha@gmail.com

ෆේස් බුක් : මාතලේ ප්‍රාදේශිය සභාවේ නිල ෆේස් බුක් ගිණුම

වාර්ෂිකව කරන පාඨමාලා ගණන : කණ්ඩායම් දෙකකට

නැණ පියස පරිගණක පාඨමාලා තොරතුරු

PC MS OFFICE APPLICATION

  1. Introduction Computer
  2. Microsoft word
  3. Microsoft Excel
  4. Microsoft Access
  5. Microsoft PowerPoint
  6. Internet and E-mail

පාඨමාලාව අවසානයේ මාතලේ ප්‍රාදේශිය සභාව මඟින් රජයේ පිළිගත් සහතිකයක් හිමිවේ.ඔන්ලයින් අයදුම් කිරිමට අවස්ථාව ලබා ගන්නා ආකාරය

මාතලේ ප්‍රාදේශිය සභාවේ නිළ වෙබ් අඩවියේ පවතින අයදුම් පත පුරවා මාතලේ ප්‍රාදේශීය සභාව වෙත යොමු කරන්න.

ගිලන් රථ සේවාව
WhatsApp Image 2021-10-01 at 5.35.05 PM (1)

අංක HN -9689 ගිලන් රථය හා අංක LW – 0532 ගිලන් රථය හදිසි රෝගී අවස්ථාවලදී කරනු ලබන ඉල්ලිම් වලදී සේවාව ලබා දීම සඳහා යොදවා ඇත.

සේවාව ලබා ගැනීම සඳහා වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ හැකියාව පවතින ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර භාර දීමෙන් අදාල සේවාව ලබා ගත හැකිය. හදිසි අවස්ථාවකදී කාර්යාල දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් සේවාව ලබා ගත හැකි අතර සේවාව ලබා ගැනීමෙන් පසු අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර භාරදිය යුතු අතර ගැසට් පත්‍රයට අනුව ගාස්තු ගෙවීම ද සිදු කළ යුතු ය.

දුරකථන අංකය – 066 222 57 24/ 066 49 33 680

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට සභාව සතු වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබගේ අවශ්‍යතාවයට අදාලව සේවාව සැපයීම ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

ඉල්ලුම්පත ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව – ගාස්තු අයනෙකෙරේ

ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් – කාර්යාලීය වේලාවන් තුල

අවශ්‍ය ලියකියවිලි – ඉල්ලීම් ලිපිය

සේවාව භාර නිලධරී – වාහන භාර නිලධාරී

වාහනය විස්තරය මිල ගණන් (රු.)
ගිලන් රථය සඳහා ස්ථාවර ගාස්තු 1,500.00
ධාවනය කරන කිලෝමීටරයක් සදහා 110.00
සහනදායී පදනම මත කුලී වාහන ලබාදිමේ සේවාව
IMG_3897
IMG_3898
IMG_7981
IMG_8002

මාතලේ ප්‍රාදේශීය සභාව සතු පහත අංක දරණ වාහන සහනදායී පදනම මත කුලියට ලබාදෙනු ලැබේ.

  1. අංක CP RS 1589 බැකෝ යන්ත්‍රය
  2. ට්‍රේලරය සමඟ ට්‍රැක්ටරය

(CP RA 8210, CP GS 0504, CP RD 4461, CP RD 0759, CP RD 1036 අංක දරණ ට්‍රැක්ටර් හා CP RX 5430, CP RV 4426, CP RW 8987, CP GS 1993, CP RX 4575 අංක දරණ ට්‍රේලර්)

  1. ජල බවුසරය (CP RY 3981, CP RY 3986, CP RY 0016 අංක දරණ ට්‍රෙලර් බවුසර්)
  2. ඩම්ප් ට්‍රක් රථය (CP LL 6439)
  3. කෘ කැබ් රථය (CP LL 7552)
  4. වෑන් රථය (68-5523)

සේවාව ලබා ගැනිම සඳහා ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර භාරදීමෙන් අදාල සේවාව ලබා ගත හැකිය. සේවාව ලබා ගැනීමෙන් පසු ගැසට් පත්‍රයට අනුව සේවාවට අදාල ගාස්තු ගෙවිය යුතුය.

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට සභාව සතු වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබගේ අවශ්‍යතාවයට අදාලව සේවාව සැපයීම ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

වාහනය විස්තරය මිල ගණන්

රු.      ශත

JCB යන්ත්‍රය මීටර් පැය 01 සඳහා 6,200.00
පොදු සංවර්ධන කටයුතු පැය 01 ක් සඳහා 5,000.00
ට්‍රේලරය සහිත ට්‍රැක්ටරය රියදුරු හා ඉන්ධන සහිතව (දිනකට/ පැය 8 කට) 18,000.00
රියදුරු හා ඉන්ධන සහිතව (දිනකට පැය 8 බැඟින් මසකට) 94,500+ඉන්ධන+5% පරිපාලන වියදම්
රියදුරු සහිතව හා ඉන්ධන රහිතව (දිනකට / පැය 8 බැඟින් මසකට)  වැඩිවන පැයක් සඳහා 94,500.00

1000

ජල බවුසරය

ධාරිතාවය ලිටර් 3000

ජලය සමඟ කිලෝමීටර් 2 ක් තුළ 6,000.00
වැඩිවන කිලෝමීටර් 1 ක් සඳහා 230.00
නවතා තැබීම සඳහා (දිනකට / පැය 8 කට ජල බවුසරය පමණක්) 1,500.00

1,500.00+එක් ජල බවුසරයක ගාස්තුව+ගමන් ගන්නා දුර

ට්‍රැක්ටර් එන්ජිම සහිතව රියදුරු හා ඉන්ධන සහිතව (දිනකට/ පැය 08කට) 18,000.00
රියැදුරු හා ඉන්ධන සහිතව (දිනකට පැය 8 බැඟින් මසකට) (94,500+ඉන්ධන)+5%

පරිපාලන වියදම්

රියදුරු සහිතව හා ඉන්ධන රහිතව (දිනකට පැය 8 බැඟින් මසකට) 94,500.00
ඩම්ප් ට්‍රක් රථය ආරම්භක ගාස්තුව (කිලෝමීටර් 01 සිට කිලෝමීටර් 10 දක්වා) (රියදුරු හා ඉන්ධන සහිතව) 11,700.00
කිලෝමීටර් 01-15 ත් අතර 13,450.00
කිලෝමීටර් 01-20 ත් අතර 14,950.00
කිලෝමීටර් 21 සිට 100 දක්වා රු.14950 න්  ආරම්භව වැඩිවන කිලෝමීටරයක් සඳහා 250.00
කිලෝමීටර් 101 සිට වැඩිවන කිලෝ මීටරයක් සඳහා 200.00
කෘ කැබ් රථය ආරම්භක ගාස්තුව (කිලෝමීටර් 3 ක් ඇතුළත) 200.00
ඊට අමතරව වැඩිවන කිලෝමීටර් 1 සිට කිලෝ මීටර් 150 ක් දක්වා එක් කිලෝමීටරයකට 120.00
රියදුරු හා ඉන්ධන සහිතව (දිනකට/ පැය 08 කට)

(දිනකට කිලෝමීටර් 150 ක් පමණයි)

(වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහා රු.120.00 බැඟින් ගාස්තුවක් අය කෙරේ.)

20,000.00
68-5523 වෑන් රථය රියදුරු හා ඉන්ධන සහිතව – වායු සමනය කර කි.මී.1-100 දක්වා

එක් කිලෝ මීටරයක් සඳහා

ඊට අමතරව රු.1,500 ක මුදලක් අය කෙරේ.

100.00
කිලෝ මීටර් 100 ට වැඩි වූ විට එක් කිලෝමීටරයක් සඳහා (අමතර ගාස්තුවක් අය නොකෙරේ) 100.00
රාත්‍රී කාලයක් ගත වන්නේ නම්, එම එක් රාත්‍රී කාලයක් සඳහා 1,500.00
ගිලන් රථය සඳහා ස්ථාවර ගාස්තුව

ධාවනය කරන කිලෝමීටරයක් සඳහා

1,500.00

110.00

පහසුකම් සහිත ඔක්සිජන් සහිත ගිලන් රථය සඳහා ස්ථවාර ගාස්තුව

ධාවනය කරන කිලෝමීටරයක් සඳහා

2,500.00

110.00

ඉල්ලුම්පත ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තුව – ගාස්තු අයනෙකෙරේ

ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් – කාර්යාලීය වේලාවන් තුල

ජල බවුසර් ධාරිතාවය ලීටර්                   කි.

අවශ්‍ය ලියකියවිලි – ඉල්ලීම් ලිපිය

සේවාව භාර නිලධරී – වාහන භාර නිලධාරී

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජල සැපයුම් ලබා ගැනීමේදී මාර්ගය පළුදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීම

ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග පළුදු කිරීමේ ගාස්තු

අයකරන මුදල

  1. තාර මාර්ග හරහා පළුදු කිරීම මීටර් 1 ක් සඳහා                                      3000.00
  2. කොන්ක්‍රීට් මාර්ග හරහා පළුදු කිරීම මීටර් 1 ක් සඳහා                            1000.00
  3. ග්‍රැවල් මාර්ග හරහා පළුදු කිරීම මීටර් 1 ක් සඳහා                                     300.00
  4. මාර්ග උරහිස පළුදු කිරීම දිග මීටර් 1 ක් සඳහා                                           70.00(වර්ග මීටැර් 01 ක් සඳහා මාර්ග උරහිස පළුදු කිරීමට)සේවාලාභීන් විසින් මාර්ගය යථා තත්වයට පත් කළයුතු වේ.
  5. ජල සැපයුම් ලබා දීමේ දී මාර්ග උරහිස අඩි 2X2 වලක් පමණක් කැපීමේ ගැස්තු අය කිරීම
  6. ප්‍රාදේශීය සභාව මඟින් ජලය ලබා දීමේ දී මාර්ග පළුදු කිරීමට ද ඉහත ගාස්තු අය කෙරේ.

ජංගම සේවා වැඩසටහන්
5-1
9
IMG_3118
IMG_2574
IMG_2530
All-focus
IMG_2302
IMG_2228
IMG_2225

වාර්ෂිකව ජනවාරි මාසයේ දී වර්ෂයට අදාල ජංගම සේවා වැඩසටහන් පවත්වන දින හා පවත්වන වසම තීරණය කිරීම සිදු වන අතර සෑම මසකම අවසාන සතියේ සෙනසුරාදා දින සංවිධානය වන මෙම ජංගම සේවා වැඩසටහන් මඟින් ග්‍රාමීය ජනතාවට සේවා සපයන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් සියළු සේවාවන් එකම ස්ථානයකින් ඉටු කර ගැනීමට අවස්තාව සලසා දෙනු ලබයි.

  • බටහිර වෛද්‍ය සායන
  • ආයුර්වේද වෛද්‍ය සායන
  • අක්ෂි සායන
  • දන්ත සායන
  • පශු වෛද්‍ය සායන
  • පුස්තකාල සේවා සැපයීම
  • ජාතික හැඳුනුම්පත් සකස් කිරීම
  • ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා ඡායාරූප ලබා ගැනීම
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන සේවාවන්
  • පොලිස් පැමිණිලි භාර ගැනීම
  • වීථි පහන් නඩත්තු කටයුතු
  • මාර්ග, පාලම්, කානු, බෝක්කු සහ ක්‍රීඩා පිටි සංවර්ධන කටයුතු
  • ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්වීම
  • සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීම හා දැනුවත් කිරීම් සිදු කිරීම
  • ගෙවතු වගා සංකල්පය වැඩි දියුණු කරමින් ගෙවතු වගාවට අවශ්‍ය පැල ලබා දීමේ වැඩසටහන
  • ප්‍රාදේශීය සභාව මඟින් ඉටු කරනු ලබන සියලු සේවාවන්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය සංවර්ධනය කිරිම

මාතලේ ප්‍රාදේශීය සභාව විසින් තිරසර සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දිළිඳු පවුල්වල ආර්ථික තත්ත්වය නඟාසිටුවීමේ අරමුණ ඇතිව වාර්ෂිකව විවිධ ගෘහ කර්මාන්ත, කුඩා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ යටතේ පහත වැඩසටහන් දැනට ක්‍රියාත්මක කර ඇති අතර තව දුරටත් ප්‍රදේශයේ පවතින සම්පත් හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • රෙදිසෝදන සබන් හා සබන් කුඩු නිෂ්පාදන පුහුණු වැඩසටහන
  • කේක් සහ රසකැවිලි නිෂ්පාදන පුහුණු වැඩසටහන
  • බයිට්ස් හා කෙටි කෑම නිෂ්පාදන පුහුණු වැඩසටහන
  • සාරි ජැකට් මැසීමේ පුහුණු වැඩසටහන
  • අත්කම් නිර්මාණ පුහුණු වැඩසටහන්

20221130_131418
IMG_4638
IMG_4814
IMG_5046
WhatsApp Image 2022-11-29 at 14.38.36 (2)
පොදු වැසිකිළි පහසුකම් හා සෞඛ්‍ය ආරක්ෂිත සේවා
DSC05923
DSC05915

පලාපත්වල නගරය හා මඩවල නගර කේන්ද්‍ර කරගෙන පොදු වැසිකිලි පද්ධති 02 ක් වෙන වෙනම පවති.

මෙම වැසිකිලි කාන්තා, පිරිමි ෙදපාර්ශවයේ භාවිතයට වෙන වෙනම පිහිටන අතර පලාපත්වල නගරයේ ආබාධිත පුද්ගලයන්ටද අවශ්‍ය වන පරිදි සකස් කර ඇත. ටෙන්ඩර් කර පවත්වාගෙන යාමට කටයුතු කර ඇති අතර දැනට සනීපාරක්ෂක කටයුතු සියල්ල ප්‍රාදේශීය සභාව මඟින් නඩත්තු වේ.

ජලභීතිකා හා සුනඛ එන්නත්කරණය

සෑම වසරකම අඛණ්ඩව සිදු කරන ක්‍රියාවලියකි. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ක්‍රියාත්මක කරනු ලබන අතර මීට අදාල ප්‍රචාරය, පත්‍රිකා මුද්‍රණය, දැනුවත් කිරිම් සිදු කිරිම, ප්‍රවාහන පහසුකම් හා ස්ථාන පහසුකම් සැපයිම සභාව මගින් ක්‍රියාත්මක වේ.

ඩෙංගු හා බෝවන හා බෝනොවන රෝග සම්බන්ධ වැඩසටහන්

ඩෙංගු හා බෝවන හා බෝනොවන රෝග සම්බන්ධ ක්‍රියාවලියට අදාලව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක වේ.

  • ඩෙංගු අධීක්ෂණය
  • ශ්‍රමදාන
  • ප්‍රචාරණය හා දැනුවත් කිරිම
  • බඳුන් රැස්කිරිම
  • බෝවන හා බෝ නොවන රෝග පිළිබඳව මාසික සායන හා විශේෂ සායන පැවැත්විම මෙන්ම ජංගම වැඩසටහන් පැවැත්විම මාසිකව ක්‍රියාත්මක වේ.

පිඹුරුපත් අනුමත කිරීම හා විධිමත් සැලසුම් අනුව ඉදි කිරීම් සඳහා අනුමැතිය ලබා දීම

නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ඉඩමේ පිඹුරුපත සඳහා මාතලේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතු අතර ඒ සඳහා

  1. ඉඩමේ ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපත් 01
  2. සභාව මඟින් අනුමත කළ පිඹුරු සැලැස්මේ මුල් පිටපත හා ඡායා පිටපත් 1
  3. ලක්ෂ 10 ට අඩු වටිනාකමක් ඇති ඉඩමක එක් බිම් කට්ටියකට රු 500/- ක ගාස්තුවක්
  4. ලක්ෂ 10 ට වැඩි වටිනාකමක් ඇති ඉඩමක පිඹුරු සැලැස්ම අනුමත කිරීමට ලක්ෂ 10 දක්වා එක් කට්ටියකට රු 500/- ක ගාස්තුවක් හා ලක්ෂ 10 කට වැඩි වටිනාකමකට 0.25 ක ගාස්තුවක්
  5. අදාල පිඹුරු සැලැස්ම කට්ටි කරන ලද ඉඩමක කොටසක් නම් මුල් කට්ටි ඉඩම ප්‍රාදේශීය සභාවේ අනුමත කර තිබිය යුතුයි.
  6. අනුමත කිරීමට ඉදිරිපත් කරන පිඹුරු සැලැස්ම අවම වශයෙන් පර්චස් 10 කට නොඅඩු විය යුතුය. කට්ටි කරන ලද ඉඩමක් නම් එය ද අවම පර්චස් 10 ට නොඅඩු විය යුතුයි.

පළාත් පාලන ආයතනය මඟින් තාක්ෂණ නිලධාරී විසින් සහතික පත් අනුමත කිරීමෙන් අනතුරුව ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීම සිදු කරනු ලබයි.

එසේ පිඹුරුපත අනුමත වීමෙන් අනතුරුව එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා නිවාස හා නගර සංවර්ධන අඥා පනත යටතේ එම නිවස හෝ ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගත යුතු වේ. ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර ගැනීමට සඳහා අයදුම්පත්‍රය මෙම වෙබ් අඩවියේ බාගත කරගැනීම් තුලින් ලබා ගැනීමට හැකි අතර එහි උපදෙස් වලට අදාලව ඉදිරිපත් කළ යුතු ඇමුණුම් ද සමඟ අයදුම්පත්‍රය මාතලේ ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කර ඇනුමැතිය ලබා ගත හැකිය.

අනුමැතියකින් තොරව ඉදි කරනු ලබන සෑම ඉදිකිරීමක් ම අනවසර ඉදිකිරීමක් වනු ඇත. අනවසර ඉදිකිරීම් සඳහා දඩ මුදල් අය කරනු ලැබේ.

වීථි රේඛා සහ නොපවරා ගැනිමේ සහතිකය නිකුත් කිරීමේ සේවාව

1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතේ අංක 126 (viii) ඌ හා 158 වගන්ති

පළාත් පාලන ආයතනය විසින් පනවා සම්මත කරන ලද ගොඩනැගිලි පිළිබඳ අතුරු ව්‍යවස්ථාව

ක්‍රියා පටිපාටිය

වීථි රේඛා සහ නොපවරා ගැනිමේ සහතිකය නිකුත් කිරීම සඳහා අයදුම්කරු විසින් නියමිත ඉල්ලුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව ලබාගැනීම.

සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය හා නියමිත ඇමුණුම් භාරදීම.

අයදුම්කරු විසින් පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

  • දේපළට අදාල ඔප්පුවේ මුල් පිටපත හා එහි ඡායා පිටපත
  • දේපළට අදාල පිඹුරුපතේ මුල් පිටපත හා එහි ඡායා පිටපත
  • අදාළ දේපළ ඇපකරයක් වශයෙන් පිළිගත් මූල්‍ය ආයතනයක රඳවාගෙන තිබේ නම් එම ආයතනයේ කලමණාකරු විසින් සහතික කරන ලද ඔප්පුවේ සහ පිඹුරේ පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  • අනුබෙදුම් ඉඩමක් නම් අනුබෙදුමට අදාළ අනුමත සැළස්මේ පිටපත
  • දේපළ අයදුම්කරුට අයත් නොවේ නම් අයිතිකරු විසින් කැමැත්ත ප්‍රකාශ කරන ලද ලිපිය (එම ලිපියේ අත්සන සාමාදාන විනිශ්චකාරවරයෙකු විසින් සහතික කර තිබිය යුතුය)

ඉඩම් අනුබෙදුම් අනුමත කිරීමේ සේවාව

නෛතික විධිවිධාන

  1. නිවාස හා නගර සංවර්ධන ආඥා පනත (268 අධිකාරිය)
  2. සභාව මඟින් පනවා සම්මත කරගත් අතුරු ව්‍යවස්ථා (2020.03.06 අතුරු ව්‍යවස්ථාව)

ක්‍රියා පටිපාටිය

  1. අනුබෙදුම් අනුමැතියට අදාළ ඉල්ලුම් පත්‍රය අයදුම්කරු විසින් ලබා ගැනීම
  2. අනුබෙදුම් අනුමැතියට අදාළ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර තිබේ දැයි පරීක්ෂා කිරීම

තිබිය යුතු ඇමුණුම්

  1. මුල් ඔප්පුව හා එහි ඥායා පිටපත
  2. ඉහත ඔප්පුවට අදාළ මූලික පිඹුර හා එහි ඡායා පිටපත
  3. අනුබෙදුමට අදාළ පිඹුර හා එහි ඡායා පිටපත
  4. කුඹුරු ඉඩමක් නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ බලපත්‍රය
  5. අවශ්‍ය අවස්ථාවන්හි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ/ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය
  6. අනුබෙදුම අපේක්ෂා කරන්නේ දැනට අනුමත කර ඇති අනුබෙදුමක් සම්බන්ධව නම් අනුමත කර ඇති අනුබෙදුමේ පිටපත

සම්මන්ත්‍රණ ශාලාව කුලියට ලබා ගැනීම

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට සභාවේ සම්මන්ත්‍රණ ශාලා කුලියට ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබගේ අවශ්‍යතාවයට අදාලව සේවාව සැපයීම ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

Cost (රු)
(අ) එක් දිනකට (පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා) 7,000.00
(ආ) ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා එක් දිනකට (ක්‍රියාකරු සමඟ) 3,000.00
(ඇ) ශාලාව දින ½ (පැය 4 කට) 3,500.00
(ඈ) රාජ්‍ය ආයතන හා අධ්‍යාපන කටයුතු සඳහා ශාලාව කුළියට ලබා දීමේ දී සහනදායී මුදලක් වශයෙන් එක් දිනකට (පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා) 5,000.00
(ඉ) ශාලාව දින ½ (පැය 4) කට 2,500.00
(ඊ) ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා එක් දිනකට (ක්‍රියාකරු සමඟ) 3,000.00

කුඩා සම්මන්ත්‍රණ ශාලාව කුලියට ලබා දිම

 

Cost (රු)
2.1 එක් දිනකට (පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා) (වායු සමීකරණය සහිතව) 4,000.00
2.2 එක් දිනකට (පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා) (වායු සමීකරණය රහිතව) 2,000.00