සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

අපි ගැන

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
මාතලේ ප්‍රාදේශීය සභාව

මාතලේ ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය

දහනවවැනි සියවසේ සව්වන දශකයේ “මාතලේ පල්ලේසියපත්තුව” ගම්සභාව ආරම්භව අලුවිහාරය නගරයේ කුඩා ස්ථානයක ගම්සභාව ස්ථානය කර ඇත. ආරම්භක ගම්සභාවේ සභාපති වශයෙන් නිතරඟයෙන් ක්ලෝඩ් ස්ටැන්ලි අලුවිහාරේ මැතිතුමා පත්විය. ඒ සමඟ ගම්සභාව සඳහා සභික මණ්ඩලයක් ද පත් කර ගන්නා ලදි. එලෙස පත්වූ ගම්සභාවේ සභාපතිවරයා හා සභික මණ්ඩලයේ දායකත්වයෙන් පලාපත්වල නගරයේ ගම්සභා ගොඩනැගිල්ලක් ඉදිකර එහි “මාතලේ පල්ලේසියපත්තුව” ගම්සභාව ස්ථාපනය කර ඇත. “මාතලේ පල්ලේසියපත්තුව” ගම්සභාවට මාතලේ අලුවිහාරය සිට කැටවල දක්වා වූ භූමි භාගය අයත්ව පැවතුණි.

1950 දශකයේ දී මිලීනා කුමාරිහාමි මැතිණිය ගම්සභාවේ සභාපතිනිය වශයෙන් කටයුතු කර ඇති අතර ගම්සභාවේ සභාපති ධුරය දැරූ එකම කාන්තාව වන්නේ ද ඇය යි. මිලීනා කුමාරිහාමි මැතිණියගේ ධුර කාලයෙන් පසුව කුලතුංග මැතිතුමා සහ ඒ.එච්.එම්. කරුණාරත්න මැතිතුමා ද ගම්සභාවේ සභාපති ධූරයට පත්ව ඇත.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව 1988 වර්ෂයේ දී පවත්වන ලද පළමු පළාත් පාලන මැතිවරණයෙන් මාතලේ ප්‍රාදේශීය සභාවේ ආරම්භක සභාපතිවරයා ලෙස වත්මන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වසන්ත අලුවිහාරේ මැතිතුමා නිතරඟයෙන් තේරී පත්විය. 1988 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා මනාප ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රී මණ්ඩලය පත් කර ගැනීම සිදු වූ අතර 18 දෙනෙකුගෙන් යුක්ත මන්ත්‍රී මණ්ඩලයකින් සභික මණ්ඩලය  සැදුම් ලද්දේය.

1991 වර්ෂයේ දී පළාත් පාලන මැතිවරණයෙන් මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එඩ්මන්ඩ් ඉනිමංකඩ මැතිතුමා තේරී පත්විය. 1997 වර්ෂයේ දී නිමල් ජයවර්ධන මැතිතුමාත් 2002 දි නිහාල් විජේනායක මැතිතුමාත් 2006 වර්ෂයේ දී දෙවන වරටත් නිමල් ජයවර්ධන මැතිතුමාත් 2011 වර්ෂයේ දී යූ.එච්.එම්.කපිල බණ්ඩාර හේන්දෙණිය මැතිතුමාත් මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ලෙස පත් විය.

2018 වර්ෂයේ දී පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ඡන්ද ක්‍රමය අනුව පවත්වන ලද අතර සභාපති ධූරය සඳහා යූ.එච්.එම්.කපිල බණ්ඩාර හේන්දෙණිය මැතිතුමා පත්වූ අතර මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය 31 ක් බවට පත්විය.

වර්තමානය වනවිට වර්ග කිලෝමීටර 61.3 පුරා විහිදුනු ග්‍රාම නිලධාරී වසම් 42 කින් සමන්විත මාතලේ ප්‍රාදේශීය සභාව,  බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් ඉදිරියට ගමන් කරමින් සිටී.

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%BD%E0%B6%AF-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD.png?fit=270%2C202&ssl=1

පලාපත්වල නගරයේ ස්ථාපනය කරන ලද ගම්සභා කාර්යාල ගොඩනැගිල්ල

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA.png?fit=270%2C202&ssl=1

පළමු ගම්සභා කාර්යාලය

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B6%BA.png?fit=270%2C202&ssl=1

පළමු ගම්සභාපති භාවිතා කළ ආසනය

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B6%BA.png?fit=270%2C202&ssl=1

පළමු ගම්සභාපති භාවිතා කළ මේසය

මාතලේ ප්‍රාදේශීය සභාව

මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු ගම්සභාපතිවරුන් හා සභාපතිවරුන්

පලාපත්වල නගරයේ ස්ථාපනය කරන ලද ගම්සභා කාර්යාල ගොඩනැගිල්ල

ගම්සභාවේ පළමු සභාපති ගරු ක්ලෝඩ් අලුවිහාරේ මැතිතුමා

පලාපත්වල නගරයේ ස්ථාපනය කරන ලද ගම්සභා කාර්යාල ගොඩනැගිල්ල

ගම් සභාවේ දෙවැනි සභාපති මිලීනා කුමාරිහාමි මැතිතුමිය

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/1-2.png?fit=600%2C800&ssl=1
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/2-2.png?fit=600%2C800&ssl=1
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/3.png?fit=600%2C800&ssl=1
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/4.png?fit=600%2C800&ssl=1
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/5-2.png?fit=600%2C800&ssl=1
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/6-2.png?fit=600%2C800&ssl=1
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/06/7-2.png?fit=600%2C800&ssl=1

අපගේ දර්ශනය

ආර්ථික,අධ්‍යාත්මික,සංස්කෘතික වශයෙන් සංවර්ධනය වූ නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම.

ආදර්ශ පාඨය

අභිමානවත් අපි ආශ්චර්යමත් රටක් එක්ව ගොඩනගමු

අපගේ මෙහෙවර

ඓතිහාසික මාතලේ පුරවරයේ මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති සීමිත සම්පත් ප්‍රශස්ත ලෙස කළමණාකරණය කරමින් ,ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම,සෞඛ්‍ය ,අධ්‍යාපනය හා පාරිසරික සංවර්ධනයක් ඇති කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති කිරිමට දායක විම

Our

ලේකම්තුමියගේ පණිවිඩය

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2025/04/WhatsApp-Image-2025-03-24-at-12.18.20-PM.jpeg?fit=720%2C456&ssl=1

ප්‍රෞඩ ඉතිහාසයකින් පොහොසත් වු ‍ඵෙතිහාසික මාතලේ පුරවරයේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතින් ස්ථාපිතව පවතින ග්‍රාම නිලධාරි වසම් 42 කින් හා 66000 ක පමණ ජනතාවක් ජිවත් වන වර්ග කිලෝමීටර් 61.3 ක් වු විශාලත්වයකින් යුක්ත මෙම මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඉතා සීඝ්‍රයෙන් ජනාකීර්ණය වන මෙන්ම දියුණුවට පත්වෙමින් පවතින පළාත් පාලන බල ප්‍රදේශයක් ලෙස වර්තමානයේ හඳුන්වාදිය හැක.

පණ්ඩුකාභය රාජ්‍ය පාලන කාලය දක්වා දිවෙන ප්‍රාදේශීය පාලන තන්ත්‍රයන් හා ගම් සභා, නගර සභා පාලන කාලයන් පසු කරමින් වර්ථමානයේ මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ලෙස ක්‍රමිකව සුවිශේෂිත වු වෙනස්කම් රැසකට පරිවර්ථනය වෙමින් අවිචින්නව ඉදිරියට පවත්නා රාජ්‍ය හා දේශපාලනය යන දෙඅංශයම මිශ්‍රව පවතින රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රාදේශීය සභාව සැලකිය හැකිය. මව්කුස පිළිසිඳ ගැනිමේ සිට මරණ මංචකය දක්වා මිනිසාගේ විවිධ වු අවශ්‍යතා සපුරාලීමේදි එහි වගකීම පැවරී ඇති බිම් මට්ටමේ ජනතා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනය අදාල සභා බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය වන බැවින් එම වගකීම් සහිත භාරධුර කාර්යභාරය ඉෂ්ට කිරිමේදී සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවාවන්, පොදු මංමාවත් ඇතුළු යටිතල පහසුකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම, විධිමත් කිරීම, පරිපාලනය මනා ලෙස කාර්යක්ෂමව සිදු කරමින් මව්කුසේ සිට මරණය මංචකය දක්වා ජනතාව වෙනුවෙන් පොදු සේවාවන් ඉටු කිරිමට අදාල පළාත් පාලන ආයතනයට අණපනත් මඟින් බලතල හා වගකීම් පවාරා දී ඇත.

එවන් වූ සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වාර්ෂික ආදායම් රැස් කිරිම, අතුරු ව්‍යවස්ථා සම්පාදනය, ව්‍යාවස්ථාපිත ආයතනයක් වශයෙන් නීති ක්‍රියාත්මක කිරීම, අණපනත් හා තත්කාලයේ බලාත්මකව පවතින නීති මඟින් පැවරෙන බලතල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් තෘප්තිමත් ජනතාවක් බිහි කිරීමට  මාතලේ ප්‍රාදේශීය සභාවේ අප ඉතා කැපවී කටයුතු කිරීම මඟින් මේ වන විටත් මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතුරින් අඛණ්ඩව දැනට වසර 8 – 10 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කාර්ය සාධනයේ දි ප්‍රථම ස්ථානයත්, මධ්‍යම පළාතේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනයක් වශයෙනුත් කීර්තියක් දිනාගෙන ඇත.

මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් සපයන සේවාවන් ලබා ගැනීමට කාර්යාලය වෙත පැමිණිම වෙනුවට e – තාක්ෂණය මඟින් අවශ්‍ය සියළුම සේවාවන් තම නිවසේ සිට ලබා ගනිමින් ප්‍රාදේශීය සභාව ගමට ගෙන යන වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත. ඒ තුලින් ජනතාවට ශ්‍රමය, ධනය හා කාලය ඉතිරි කර ගනිමින් ඉතා කඩිනමින් සේවාවන් ලබා දීමට මාතලේ ප්‍රාදේශීය සභාව ජනතාවට සමීතම රාජ්‍යය ආයතනය වශයෙන් අප, වර්ථමාන හා අනාගත පරපුරට සරිලන ආකාරයෙන් තිරසර ලෙස සෑම පැතිකඩකින්ම විශිෂ්ඨ තත්වයකට පත්වීමට මාතලේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දේශපාලන නායකත්වය හා පරිපාලන ප්‍රධානීයා වශයෙන් මා සමඟ මාගේ සමස්ථ කාර්ය මණ්ඩලය සෑම විටම කැප වී කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරමි.

පළාත් පාලන ආයතනයක් තුලින් ජනතාවට ඉටුවිය යුතු සියළුම කාර්ය කර්තව්‍යයන් නිසි ලෙස කාර්යක්ෂමව ඵලදායීව ඉටු කිරීමෙන් ඉදිරි වසර 02 – 03 තුල දිවයිනේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනයක් ලෙස පත් වෙමින්, මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් කුමන හෝ සේවාවක් අපේක්ෂා කරන මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහෝදර ජනතාවට මෙන්ම මාතලේ සභා බල ප්‍රදේශයට දිනපතා පැමිණෙන දහස් ගණනක් වන ජනතාවටත් සෞඛ්‍ය සම්පන්න, පොදු පහසුකම් වලින් පුර්ණ සුවදායි පරිසරයක් නිර්මාණය කිරිමේ අපේක්ෂා මල්ඵල ගැන්වීමට මා සමඟ අපගේ සමස්ථ කාර්ය මණ්ඩලය කැපවී කටයුතු කිරීමේදී එම ඉලක්ක සපුරා ගැනිමට මාතලේ ප්‍රාදේශීය සභාව සමඟ සෑම කාර්යයකදීම අදහස්, යෝජනා හා චෝදනා ඉදිරිපත් කරමින් අප සමඟ එක්ව කටයුතු කිරීමට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමි.

මාතලේ ප්‍රාදේශීය සභාව
සංවිධාන සැලැස්ම

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/05/staff.png?fit=768%2C518&ssl=1

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිතියම

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/05/map.png?fit=640%2C925&ssl=1