1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 හා 135 වගන්තිවල විධිවිධාන ඇතුලත් වේ.
පලාපත්වල පොදු වෙළෙඳපොළ – කඩ කාමර සංඛ්‍යාව 08
මඩවල උල්පත පොදු වෙළෙඳපොළ – කඩ කාමර සංඛ්‍යාව 07
මාතලේ ප්‍රාදේශීය සභාව සතු මුළු කඩ කාමර ප්‍රමාණය – 15 කි.
සෑම මසකම 10 වන දිනට පසුව ගෙවන කඩ කුලිය සඳහා අදාල මාසික කුලී මුදලින් 10% ත අධි ගාස්තුවක් අය කරනු ලැබේ.
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සතු පොදු වෙළෙඳපොළ සහ වෙනත් කඩකාමර බදු දීම සම්බන්ධයෙන් මප/ප.පා.කො. චක්‍රලේඛ අංක 2016/3 සහ 2016.03.17 දිනැති චක්‍රලේඛය නිකුත් කර ඇත.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 සිට 152 දක්වා වන වගන්තිවල විධිවිධාන ඇතුලත් වේ.
බලපත්‍ර වර්ග පිළිබඳ අන්තරාදායක නීති සම්බන්ධයෙන් අංක 2,363 හා 2023.12.15 දිනැති ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ඵල කර ඇත.
අංක 520/7 සහ 1988 අගෝස්තු 23 අඟහරුවාදා, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේස ගැසට් පත්‍රය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 හා 135 වගන්තිවල විධිවිධාන ඇතුලත් වේ.
2024 තක්සේරුව යටතේ බදු ආදායම් රැස්කිරීම සිදුවේ.
වරිපනම් තක්සේරුවට විරුද්ධව එවනු ලබන විරෝධතා දේපල තක්සේරු දැන්වීම බාර දුන් දින සිට මසක් ඇතුළතදී කාර්යාලයට භාර දීමට කටයුතු කළ යුතු අතර අදාල කාල සීමාවෙන් පසුව හෝ විරුද්ධව හේතු සඳහන් නොකළ හෝ නීති විරෝධී ලෙස ඉදිරිපත් කරන විරෝධතාවයන් ගැන සලකා බලනු නොලැබේ. විරෝධතා ඉදිරිපත් කර තිබුණ ද අදාල කාලසීමාව සඳහා බදු ගෙවිය යුතු අතර එසේ නොමැති විට විරෝධතා නොසලකා දඩ මුදල් අයකිරීමට යටත් වේ.
දේපල තක්සේරු දැන්වීමේ දක්වෙන වර්ෂය සඳහා ම ජනවාරි 31 දිනට ප්‍රථම බදු ගෙවන්නේ නමි 10% ක් ද කාර්තුවේ මුදල එම කාර්තුවේ මුල් මාසය තුළ ගෙවන විට 5% ක් ද වශයෙන් වට්ටම් ප්රතිලාභයන් සඳහා හිමිකම් ලැබෙනු ඇත. (ජනවාරි 31 දින රජයේ නිවාඩු දිනයක් නම් ගෙවීම් කරනු ලබන ඊලඟ දිනය වලංගු වේ.)
නියමිත දිනට පසුව ගෙවීම් කරන විට මුඩු ඉඩම් හා නේවාසික ස්ථාන සඳමා 15% ක් ද අනෙකුත් දේපළ සඳහා 20% ක් ද වරෙන්තු ගාස්තු වශයෙන් අතිරේකව අය කරනු ලැබේ.
චෙක්පත් ලේකම්, මාතලේ ප්‍රාදේශීය සභාව නමට එවිය යුතුය.
වරිපනම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීමේ පහසුකම් සපයා ඇති අතර ප්‍රසිද්ධ නිවාඩු සෙනසුරාදා/ ඉරිදා දින හැර සතියේ දිනවල පෙ.ව.8.30 සිට ප.ව. 03.00 දක්වා ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී ගෙවීම් කළ හැකිය.
දේපළ අයිතිය වෙනස් වී සති 4 ඇතුළතදී මෙම ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් ඔප්පු සාරාංශ අයදුම්පතක් ඉදිරිපත් කර නව අයිතය ලේඛනගත කරවා ගැනිමට ක්‍රියා කළ යුතු වේ
පලාපත්වල පොදු වෙළෙඳපොළ – කඩ කාමර සංඛ්‍යාව 08
මඩවල උල්පත පොදු වෙළෙඳපොළ – කඩ කාමර සංඛ්‍යාව 07
මාතලේ ප්‍රාදේශීය සභාව සතු මුළු කඩ කාමර ප්‍රමාණය – 15 කි.
සෑම මසකම 10 වන දිනට පසුව ගෙවන කඩ කුලිය සඳහා අදාල මාසික කුලී මුදලින් 10% ත අධි ගාස්තුවක් අය කරනු ලැබේ.
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සතු පොදු වෙළෙඳපොළ සහ වෙනත් කඩකාමර බදු දීම සම්බන්ධයෙන් මප/ප.පා.කො. චක්‍රලේඛ අංක 2016/3 සහ 2016.03.17 දිනැති චක්‍රලේඛය නිකුත් කර ඇත.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 සිට 152 දක්වා වන වගන්තිවල විධිවිධාන ඇතුලත් වේ.
බලපත්‍ර වර්ග පිළිබඳ අන්තරාදායක නීති සම්බන්ධයෙන් අංක 2,363 හා 2023.12.15 දිනැති ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ඵල කර ඇත.
නොපවරා ගැනීමේ සහතික පතු ගාස්තු, සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ගාස්තු, පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු, වීථි ආලෝකකරණය, කසල ගාස්තු, ආදාහනාගාර ගාස්තු, භෂ්මාවශේෂ තැන්පත් කුටීර ගාස්තු, ගොඩනැගිලි සැලසුම් පරීක්ෂා කිරීමේ ගාස්තු, අනුකූලතා සහතික නිකුත් කිරීමේ ගාස්තු, ජල බවුසරය මඟින් උපයන ආදායම, නැණ පියස හා පුස්තකාල සාමාජික ගාස්තු යන ගාස්තු අයකිරීම් මේ ආදායම් වර්ගීකරණයට අයත් වේ.
වරිපනම් හා අක්කර බදු අධිගාස්තු, උසාවි දඩ, පරිසරය සම්බන්ධ දඩ, කර්මාන්ත ප්‍රමාද ගාස්තු, ජල සම්බන්ධතා නැවත සන්ධි කිරීමේ ගාස්තු සහ දඩ, බදු කුලී ප්‍රමාද ගාස්තු, පුස්තකාල ප්‍රමාද ගාස්තු යන ආදායම් වර්ග මෙම වර්ගීකරණයට අයත් වේ.
ස්ථාවර තැන්පත් පොළී ආදායම්, කාර්ය මණ්ඩලයට ලබා දෙන සේවක ණය සඳහා පොළී ආදායම්, ආකෘති පත්‍ර සහ පෝරම විකුණුම්, මුද්දර ගාස්තු, කොම්පෝස්ට් පොහොර හා බඳුන් විකිණීමේ ආදායම, ජල ගාස්තු ආදායම, පැරණි පුවත්පත් හා සඟරා විකුණුම් මඟින් ලැබෙන ආදායම මෙම ආදායම් වර්ගීකරණයට අයත් වේ.
විවිධ අමාත්‍යංශ මඟින් ලැබෙන ආධාර මෙම ආදායම් වර්ගීකරණයට අයත් වේ.
වාහන සේවා ලබාගැනීමේ අයදුම්පත්‍රය අයදුම්කරුගෙන් සම්පූර්ණ කර භාර ගැනීම
අදාළ සේවාව නිසි පරිදි ලබාදීමට ඇති හැකියාව, දුර ප්‍රමාණය,වැයවන කාලය පිළිබඳ තොරතුරු අදාළ රියදුරුගෙන් ලබාගැනීම
තාක්ෂණ නිලධාරීගෙන් වාහනය ලබාදීමට නිර්දේශය ලබාගැනීම
වාහනය ලබාදීමට අනුමැතිය ලේකම්තුමා/සභාපතිතුමාගෙන් ලබාගැනීම
අදාළ සේවාව ලබාදීමෙන් අනතුරුව අයකළ ගාස්තු, ලදුපත් අංකය, දිනය ආදී තොරතුරු වාහන විෂයභාර නිලධාරී විසින් අදාල ලේඛණවලට ඇතුළත් කිරීම