කාර්මික සේවා කමිටුව | දිනය | 23 | 22 | 22 | 23 | 24 | 25 | 23 | 23 | 24 | 22 | 22 | 20 |
දවස | අඟහරුවාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | අඟහරුවාදා | සිකුරාදා | අඟහරුවාදා | අඟහරුවාදා | සිකුරාදා | අඟහරුවාදා | අඟහරුවාදා | සිකුරාදා | සිකුරාදා | |
වේලාව | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 | පෙ.ව.02.00 |
කාර්මික සේවා කමිටුව | දිනය | 23 | 24 | 24 | 24 | 22 | 24 | 22 | 22 | 23 | 23 | 21 | 23 |
දවස | බ්‍රහස්පතින්දා | සඳුදා | සඳුදා | බ්‍රහස්පතින්දා | බ්‍රහස්පතින්දා | අඟහරුවාදා | අඟහරුවාදා | සිකුරාදා | අඟහරුවාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | අඟහරුවාදා | |
වේලාව | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 | පෙ.ව. 02.00 |
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රදේශයේ පවතින ගැටලු හදුනාගනිමින් එහි ප්‍රමුඛතාවය පදනම් කර ගනිමින් විසදුම් ලබා දිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කල යුතුය. මේ සදහා ප්‍රදේශයට අදාලව සංවර්ධන සැලැස්ම හා සංවර්ධන ව්‍යාපෘති අවශ්‍යතාවය ඉතා වැදගත්වේ. සංවර්ධන සැලැස්මක් මගින් ප්‍රදේශයේ සියලුම භෞතික, ආර්ථික, සමාජීය හා පාරසරික සාධක විශ්ලේෂණය කිරීම මගින් නිගමනවලට එළඹෙන අතර ඒ සදහා තාත්වික විසදුම් ලබා දීමට හැකියාව ඇත.
ඒ අනුව ප්‍රාදේශීය සභා පනතේ 27 වන වගන්තියේ (අ) , (ආ) ජේද වලට අනුව අලුත් මංමාවත් ඉදි කිරීම හා දැනට ඇති මංමාවත් වැඩි දියුණු කිරීමට ප්‍රාදේශීය සභාවලට ඇති බලය පිලිබද සදහන් කර ඇත. ( සංවර්ධන අංශයේ ක්‍රියාත්මක සැලැස්ම ඇමුණුම 01 හි ඇත)
ප්‍රවර්ථන වර්ශයේ මාර්ග, පාලම්, බෝක්කු, ක්‍රීඩා පිටි සංවර්ධනය හා වැඩි දියුණු කිරීම සහ සභාවසතු දේපල සංවර්ධනය පිලිබද ප්‍රාදේශීය සභා පනතේ 16, 17,18,25, 27 හා 28 වගන්තිවල සදහන් කර ඇත.
තිරසර සංවර්ධනය යනු ප්‍රාදේශීය සභාව මගින් පාරසරික, සමාජීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වු දිගුකාලීන තිරසර සමෘද්ධියක් ලබා ගැනීම උදෙසා වු ඒකාබද්ධ ප්‍රවේශයකි.
මහජන පැමිණිලි
කුණු කසළ සම්බන්ධ පැමිණිලි
කුණු කසළ මාර්ගයට මුදාහරී නම් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 65 (ඉ) වගන්ති ප්‍රකාරව වරදක් වන්නේය.
ශබ්ද දූෂණය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ කර්මාන්ත ශාලා වලින් පරිසරයට සෞඛ්‍ය තත්වයට අයහපත් වන ලෙස හානියක් සිදුවන පරිද්දෙන් පවත්වාගෙන යනු ලැබුවහොත් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 106(1) වගන්ති ප්‍රකාරව වරදක් වන අතර 106(2) වගන්ති ප්‍රකාරව අධිකරණය වෙත යොමු කර දඩ මුදලක් අය කිරීමට බලය ඇත්තේය.
අයාලේ යන සතුන් බල්ලන් හා වෙනත් මහජන පැමිණිලි
ප්‍රාදේශී සභා බල ප්‍රදේශය තුළ අයාලේ යන ගවයන් සම්බන්ධව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 66 වැනි වගන්ති ප්‍රකාරව කටයුතු කිරීම
වර්ෂා ජලය ස්වාභාවික ලෙස ගලා යාම අවහිර කිරීම සම්බන්ධව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 81 වගන්ති ප්‍රකාරව වරදක් වන්නේය.
අනතුරුදායක ගස් සම්බන්ධව පැමිණිලි
අනතුරුදායක ගස් සම්බන්ධව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107(1 හා 2) වගන්ති ප්‍රකාරව කටයුතු කිරීම හා ඒ අනුව සභාව මඟින් ගස් හෝ අතු කපා බිම හෙලා ඒ සඳහා වැයවන මුදල අදාල පාර්ශවයෙන් අයකර ගැනීම
අනවසර ඉදිකිරීම් සම්බන්ධව පැමිණිලි
මාතලේ ප්‍රාදේශීය සභා සීමාව තුළ නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ එම නිවස හෝ ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගත යුතු වේ. ඒසේ නොවන අවස්ථාවල අදාල අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව මඟින් නීතිමය කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.
මාතලේ ප්‍රාදේශීය සභා සීමාව තුළ නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී නිවාස හා නගර සංවර්ධන ආඥා පනත යටතේ එම නිවස හෝ ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගැනිමට අදාළ ගාස්තු ගෙවා ගොඩනැගිලි අයදුම්පත්‍රයක් සභාව වෙතින් ලබාගෙන අයදුම්ත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමග ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කල යුතු වේ.
III. ගොඩනැගිළි සැළස්මේ ඡායා පිටපත් 3 ක්
අනවසර ඉදිකිරීම් පිළිබඳව කටයුතු කිරීමේ කාර්ය පටිපාටිය
නෛතික විධිවිධාන
දුරකථනයෙන් – පැමිණිලි පොතේ
ලිපි මගින්, පෙත්සමක් – දෛනික තැපෑල සටහන් කරන ලේඛනයේ
ක්ෂේත්‍ර පරීක්ෂන – මෙමෝ පත්‍රිකාවක
සටහන් කර අංකයක් ලබා දීම
(අ) සැළස්ම අනුමත කළ කාල සීමාව ඉකුත් වී ඇති දැයි පරීක්ෂා කිරීම හා වලංගු කාල සීමාව ඉකුත්ව ඇත්නම් කාලය දීර්ඝ කර ගැනීමට උපදෙස් ලබා දීම (අනුමත කළ දින සිට වසර 04 ක කාලය ඉක්මවා ඇත්නම් නව අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දිය යුතුය)
(ආ) අනුමත සැළස්මට අනුව ඉදි කිරීම සිදු වේදැයි පරීක්ෂා කිරීම.
(ඇ) අනුමත සැළස්මට අනුව ඉදි කිරීම සිදු නොවන්නේ නම් ඉදි කිරීම් කටයුතු නතර කරන ලෙස දැනුම් දීම හා සංශෝධිත සැළස්මක් දින 14ක් තුළ ඉදිරිපත් කරන ලෙස දැනුම් දීම.
(අ)දැනට සිදු කරමින් පවතින ඉදි කිරීම වහාම නතර කරන ලෙස දැනුම් දීම.
(ආ) ගොඩනැගිලි අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර සැළස්ම දින 14 ක් තුළ ඉදිරිපත් කර අනුමත කර ගන්නා මෙන් දැනුම් දීම.
(අ) දැනට සිදු කරමින් පවතින ඉදි කිරීම හෝ අවසන් කර ඇති ඉදි කිරීම කඩා ඉවත් කර ගන්නා ලෙස නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ 12(2) වගන්තිය අනුව නිවේදනයක් ලියාපදිංචි තැපෑලෙන් නිකුත් කිරීම.
අ(ආ) ඉහත (අ) ඡේදයෙහි සඳහන් කාල සීමාව තුළ කඩා ඉවත් කිරීම සිදු නොකරන්නේ නම් කඩා ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීම.
විථි පහන් අලුත්වැඩියාව -2023
විථි පහන් අලුත්වැඩියාව -2024